Sunday, November 28, 2010

දීම හා ඉල්ලන් නෑම

අපේ සමාජයේ හුගක් කට්ටිය දන් දෙන්න දෙන්න කියලා කැ ගහනවානේ.
ඉතින් මමත් සැරයක් දුන්නා දන්.දන් දීල හුගක් දුකුත් වින්දා.ජීවිතේත හමු වෙලා නැති කට්ටියත් දන් ඉල්ලලා මහ රැත් අන්තිමට කරදර කරන්න පටන් ගත්තා.මේ සටහන කියවලාම බලන්නකෝ වෙච්ච දේ.



අවස්ථා සම්බන්ධය

මේ සිදුවීම වුණේ වැසි සමයක ගං වතුර ආධාර බෙදා දෙන සමයකදීය.
එ කල අවැතැන් වු මිනිසුන්ට ආධාර වශයෙන් ඇදුම් පැලදුම් ගමේ පන්සලේ දායක සභාවේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී.ඒ සදහා මා විසින් මා මදක් පාවිච්චි කරන ලද ඇදුමුත් , පාවිච්චි නොකර අයින්කර තැබු ඇදුම් සහ අලුත්ම අලුත් පිරිමි සහ කාන්තා යට ඇදුම් කට්ටල කිහිපයකුත් පරිත‍යාග කලේ අවතැන්වූ අයට පරඩැල් වු කඩමාලු දෙනවාට වඩා පිරිසිදු ඇදුම් ස්වල්පයක් දෙන එක ඉතා උතුම් වූ බැවිනි.ඒ දවස්වලම ගං වතුරෙන් අවතැන් නොවුනත් උදව් අවශ්‍ය වු නැදැ පිරිසකට අවශ‍ය ඇදුම් පැලදුම්(පාවිච්චි නොකල සහ කල )පොකට්ටුවට දරා ගත නොහැකි වූවත් යැවුවේ අප මිනිසුන් වශයෙන් සිදුවිය යුතු දෙයක් බැවිනි.

මේ ඉන් පසුව සිදු වූ දෙබස් කීපයක්

දෙබස 1

පන්සලේ දායක මහතා : බලන්නකෝ අර විත්ති මාර බඩු වගයක්නෙ දුන්නේ.
අසල්වැසියා : මොනවාද ඉතින් තිබුනේ .
පන්සලේ දායක මහතා : පරණ ඇදුම් කියලා දීල තිබ්බේ අලුත්ම අලුත් ඇදුම්, මම හිතන්නේ බර ගානක් වටිනවා.
අසල්වැසියා : ඕවා ඉතින් අහක දාන ඇදුම් නේ.(හුල්ලමින්)පන්සලේ දායක මහතා : ඒක තමා.(හුල්ලමින්)

දෙබස 2

අසල්වැසියා 1 : බලන්නකෝ අනේ අර විත්ති , මාර ඇදුම් තොගයක්නේ අහල දාලා තියෙන්නේ.අපරාදේ .(හුල්ලමින්)
අසල්වැසියා 2 : ඒ මොකෝ
අසල්වැසියා 1 : අර ආධාර විදියට අහක දාන ඇදුම් කියලා දීලා තියෙන්නේ අපි මගුල් ගෙවල් වලට අදින්නෙවත් නැති ඇදුම් නෙව.එ මිනිස්සුන්ට කිසි අගයක් නැ.අම්මයි ලමයි ටිකයි නාස්තිකාරයෝ.
අසල්වැසියා 2 : ඕක මොකෝ අපිටවත් දුන්නනම්.බලන්නකෝ වාහනවල යන අපුරුව
අසල්වැසියා 1 : ඕකුන්ටමනේ හරි යන්නේ.අරංචියි අර ගෙදර කොලුවා මොකක්ද කොම්පියුටර පංතියකට යනවා කියලා හරිනම් දැන් ජොබ් එකක් කරන්න එපැයි.
අසල්වැසියා 2 :එක තමා නාස්තිකාරයෝ

දෙබස 3

තාත්තා : අර වාහනේ ඇදුම් බැග් වගයක් ඇති මේ ලමයිගේ ඇදුම් වගයක්
නැන්දා : එක හොදයි අයියේ
නැන්දා දෙක : මේ හොද ඇදුම්නේ හොද ගනක් වෙනවා ඇති
නැන්දා : ඒක තමා අපරාදේ ලමයින්ට කිසි අගයක් නැ අහක දානවානේ .(හුල්ලමින්)

දෙබස 4

නැන්දාගේ දුව : අම්මේ මට පොතක් ඔනේ
නැන්දා :සල්ලි නැ.අර විත්තියාගෙන් ඉල්ල ගනින් ඌට සල්ලි තියෙනවා
නැන්දාගේ දුව : ඒ වුනාට එහෙම ඉල්ලන්න බැනේ,අයියා ගාව තිබ්බොත් දෙයි.මම අහල බලන්නම්
නැන්දා : ඕක ඉල්ල ඉල්ල ඉන්න ඕනේද අයියාගේ පොත් ගොඩෙන් ගන්න.ඒ ගොල්ලනට ඕක අමතකයි.
ඒ ගොල්ලන්ගෙන් ගන්නවා කියන්නේ ගලා යන දිය දහරකින් වතුර දෝතක් ගන්නවා වගේ.ඒ ගොල්ලන්ට ඕක තෙරෙන්නෙ නැ.මතකනේ එදා දුන්න ඇදුම් ටික


දෙබස 5

මාතර නැන්දා : පුතේ ඔය අහක දාන ඇදුම් එකතු කරලා තියන්න මම ඇවිල්ලා අරන් යන්නම්
මම : මොන අහක දාන ඇදුම් ද නැන්දේ ?

දෙබස 6

පොලිසියේ අයියා : මල්ලි මට ඔයාගේ පරණ සපත්තු දෙක දෙනවද
මම : අයියේ එකේ හිල් තියෙනාව අවුලක් නැද්ද
පොලිසියේ අයියා : බොරු කියන්න එපා මල්ලි ඔයා සපත්තුවක් මාසෙකට වඩා පාවිච්චි කරන්නේ නැනේ.ඔයා අයින් කරන්නේ හොදම සපත්තුනේ


පසුවදන
යමෙකුට යම් දෙයක් දෙනවානම් කිසිම විටක තම අනන්‍යතාව හෙලි නොකරන්න.අපේ සමාජයේ හැටියට යමෙකුට දිය යුත්තේ පාවිචි කල නොහැකි තබයකට වැඩක් නැති දෙවල්ය.හොද දේවල් දුන්නොත් එය නාස්ති කිරිමක්ය,

මේ දෙබස් සියල්ල සත්‍ය වේ ඒ මක්නිසාද යත් ඊට හවුල් වූ එක් පාර්ෂවයක් හෝ දෙකම මා ඉදිරියේ මේවා කෙලම් වශයෙන් මටම කිවූ නිසාය.

6 comments:

  1. යමෙකුට යම් දෙයක් දෙනවානම් කිසිම විටක තම අනන්‍යතාව හෙලි නොකරන්න කියන එකටනම් මමත් 100%ක්ම එකඟයි. අපි මොනදේ කලත් කව්රු හරි කෙනෙක් අපේ වැරැද්දක් දකිනවා.

    ReplyDelete
  2. prasanna86k
    Thank you for commenting in my blog as first commenter

    ReplyDelete
  3. ඒක ඇත්ත සහෝ..ඒත් මෙහෙම උන්ට කවදාවත් හරි යන්නෙ නෑ.

    ReplyDelete
  4. හෆොයි...ඕක තමා ලංකාවෙ මිනිස්සුන්ගෙ සාඩම්බරණිය චින්තනය..දුන්නත් වැරදි නොදුන්නත් වැරදි..ඔව හින්ද කම්පා වෙල වැඩක් නැ..අපි හරි දේ කරමු විත්ති

    ReplyDelete
  5. පිස්සු කියන්න එපා බං. අහල පහල මිනිස්සු දැනගත්තේ නැත්තං අපි දන් දුන්න කියල එහෙම දීල වැඩක් තියෙනවද ? ඒකනේ පන්සලට උනත් දෙන ඕනම එකක නම ගහල දෙන්නෙ. අපේ අල්ලපු ගෙදර උන්ගේ බැල්ලි පැටව් ගහල උන්ව කොහෙද දුර පන්සලකට ගිහින් දැම්ම. උන් හරියට දුක් උනා බලු පැටවුන්ගේ නම ගහන්න බැරිඋනා කියල අහවලා විසින් පූජා කරන ලදී කියල.

    ReplyDelete
  6. Sayuru

    :)

    තරු n පැන්da

    කතාකරලා වැඩක් නැ

    ReplyDelete

ඔබගේ අදහස් දක්වා


දෙන්න අපිට පොඩි සහයෝගයක්.....


ස්තුතියි !