Saturday, January 1, 2011

Friday, December 31, 2010

ආවර්ජන -(අ ) සුන්දර කෙල්ල

ඇය මට පලමුව හමුවුයේ පිරිත් ගෙදරකිනි.මිතුරියකගේ ගෙදරට පැමිණ ගෙදර ඇත්තන්ට වඩා මහන්සි වී එහා මෙහා දුව පනින ඒ කඩිසර කෙල්ල දැන හදුන ගන්න සැමකෙනෙකුට පාහේ ඕනා වුණි.සියලු දෙනාම වර්ණනා කලේද ඇය ගැනය.නමුත් කලයුතු වැඩ රාජකාරි අස්සේ ඉසඹුවක් නොලද  මාහට ඇය හමුවුයේ මධ්‍යම රාත්‍රියත් පසු වී පිරිත් අසන්නන් නින්දෙන් පිරිත් අසන හෝරාවේදීය.ටිකෙන් ටික කාලය ගතවීමත් සමග කුලුපග වූ අප අතර සියුම් මිත්‍රත්වයක්ද ඇති විය.

නැවත ඇය මට හමුවුයේ ගුවන් තොටුපලේදීය.ඒ ඇය මේ රට (ආසියාවේ ආශ්චර්ය ) අත හැර යන විටදීය. ඇ මා හමු වූ අවස්තාවේ අසල සිටි පිරිස පිලිකුල් කල ආකාරයත් ,මගහැර ගිය ආකාරය දුටුවත් ඒ පිලිබද නොවිමුසුවේ අවාස්ථානෝචිත නොවු නිසාය.

පසුදින ආරංචි වු පරිදි ඇයත් අර ප්‍රසිද්ධ කල පිංතුර අතර සිටි තවත් එක් "පට්ට වේසි*කි".
සත්‍ය සිදුවීම් ඇසුරින් කල ප්‍රබන්ධයකි


Sunday, December 5, 2010

සුද්දාගේ කතාව - 1 කොටස

එකදහහ් පන්සිය පහේදී සුද්දෝ ලංකාවට ආවෝය.ආ සුද්දෝත් විවිධාකාරය.පෘතුගීසි,ලන්දේසි,ඉංගිසි ආදී නම් වලින් උන් හැදින්විය.එකදහස් හත්සිය අනූ හයේදී කපටි කැතම සුද්දෝ ලංකාවට ආවෝය.උන් ආවේ බයිබලය එක අතකින්ද කඩුව අනිත් අතින්ද විකොටොරියා ඔලුව උඩ තබාගෙනය.මුලින්ම බාගෙට කොන්ද කැඩිච්ච සිංහලයාට බයිබලය දෙන්නේය.බයිබලය නොගන්නා වුන්ට කඩුවෙන් දෙන්නේය.

Saturday, December 4, 2010

නිදහස් වාරණයෙන් තොර අන්තර්ජාලයක් .......

මේ දවස්වල ලෝක ව්‍යාප්ත ජාලය එහෙම නැත්නම් WWWසදහා එච්චර හොද කාලයක් නෙමේ.මුලු ලෝකෙම පොලිස්කාරයා විදියට ඉන්න ඇමෙරිකාවේ පටි දරුණු විදියට ඇඹෙරෙන්න පටන් අරන්.මේකට හේතුව වුනේ  wikileaks නැමැති වෙබ් අඩවියක් මගින් ඔවුන්ගේ තානාපති කාර්ය්‍යාල අතර හුවමාරු වෙච්ච රහස් පනිවුඩ වගේම ලොව පුර ගෙන යන යුද්ධවල නිරතවෙලා ඉන්න සොල්දාදූවන්ගෙන් ඔවුන්ගේ සගවපු රහස් හෙලි කිරිමට පටන් ගැනීමයි.ඉතින් ඇමෙරිකාව කලේ මෙම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැදින්වීමය.මේ සමග wikileaks අඩවියට සේවය සැපයු ආයතනත්  ඇමෙරිකානු බලපැම මත තම සේවාවන් ඉවත් කරගත්තා.

Friday, December 3, 2010

Act Aware | ලෝක ඒඩ්ස් දිනය

මේ මාසය පටන් ගත්තේ ඉතාමත් වැදගත් දිනයකිනි.බ්ලොග් අවාකාශයේ මා මීට වඩා මේ සම්බන්ධයෙන් රචිත ලිපි බලාපොරොත්තු වූවත් මා හට මේ ගැන හමු වුයේ ඉතාමත් අඩු ලිපි සංඛයාවකි.බ්ලොග් කරුවන්ට අද පවතින දේශපාලන හා ආගමික වාතාවරණය යටතේ එ වැනි කරුණු ගැන ලිවීම වඩා ප්‍රියජනක වන්නට ඇත.එබැවින් මෙවැනි සුලු කරුණු කතා කිරිම තරම් නොවන්නට ඇත.

Sunday, November 28, 2010

දීම හා ඉල්ලන් නෑම

අපේ සමාජයේ හුගක් කට්ටිය දන් දෙන්න දෙන්න කියලා කැ ගහනවානේ.
ඉතින් මමත් සැරයක් දුන්නා දන්.දන් දීල හුගක් දුකුත් වින්දා.ජීවිතේත හමු වෙලා නැති කට්ටියත් දන් ඉල්ලලා මහ රැත් අන්තිමට කරදර කරන්න පටන් ගත්තා.මේ සටහන කියවලාම බලන්නකෝ වෙච්ච දේ.

විත්ති !

මම ! ඇත්තටම කවුද මම ,අතරමං වු මාවම සොයා ගැනීම පිණිස මම විසින් කරන ලද ගවේෂනයක ඇරඹුමයි මේ.