Saturday, January 1, 2011

මේ මගේ 2011 දී කරන්න ඉන්න වැඩ ලයිස්තුව

2011 අපි හැමෝම කරන්න ඕනේ දේ...


  • අලුත් රස්සවක් හොයා ගැනීම - හේතුව දැනට දෙන පඩියෙන් පොල් ගෙඩියක් සමග බඩු මල්ලක්වත් ගත නොහැක.
  • වහාම ක්‍රියාත්මක වන පරිදි චීත්ත රෙදි යාර කීපයක් ගැනීම - සංස්කෘතිය සුරකීම වෙනුවෙන් ගැහුණු ලමයින්ට චීත්ත නැවත ඇන්දිමට යයි (ලාබේට ගෙන වැඩියෙන් විකිණිය හැක )
  • අම්මාගේ සහ නංගීගේ සියලුම ඩෙනිම් සහ කොට ඇදුම් පිලිස්සීම - නැති ප්‍රශ්ණ ඇති වීම වැලැක්වීමට
  • වහාම ක්‍රියාත්මක වී හරක් බානක් සහ එලු පට්ටික් සහ කුකුලන්ඇති කිරීමට මිලට ගැනීම - රට ස්වයං පෝචිත කිරිමට කි චින්තනට සහයෝගයක් ලෙස
  • ලයිට් බිද කුප්පි ලාම්පුවට බැසීම - පොකට්ටුවට ඔරොත්තු දෙන්නේ නැත
  • පාන් පිටි වෙනුවට හුබස් මැටි ගැනීම - ආදේශක නිතර භාවිතා කලොත් කෝමත් පොකට් එක හිස් වුනාම හුබස් මැටිනේ
  • රුපවාහිනි , ශීතකරන සහ පරිගණක භාවිතයෙන් ඉවත් කර එවා වෙන කාර්ය්‍යන් සදහා යොදා ගැනීම(රූපවාහිනිය - මුණ බලන්න , ශීතකරනය - ඇදුම් අල්මාරිය වෙනුවට , පරිගණක - දොරට අඩයක් ලෙස ) - අපි බලශක්තිය සුරකින්නෙමු.
  • ටුක් ටුක් එක වෙනුවට කරත්තයක් ගැනිම - අපි බලශක්තිය සුරකින්නෙමු.
  • මල් ගස් ගලවා මදුරුතලා ගස් වවා ගැනීම - ඩෙංගු මාරන්තිකයි බැක්ටිරියා පොකට් එකට බර වැඩිය.
  • අම්පාර බප්පාගේ අමුඩය වෙනුවට නයිකි බොටමක් අරන් දීම - සංස්කෘතිය !
  • බදින්න සිටි කසාදය පැත්තකට දමා අවිවාහකව කල් ගෙවීම - පවුලම හාමත් වේවි.
  • පවුලේ සැමට ඇති වන සේ මැසි තෙල් සහ නයිලෝන් ලණු ගබඩා කර ගැනීම - හදිස්සියකට ගැනීමට
මොනවා හරි මග ඇරුණා වගේද ? කොමෙන්ට් එකකින් කිව්වා නම්

2 comments:

  1. බඩුම තමා....
    හෙහ් හෙහ්.!

    ReplyDelete
  2. අම්මපා මසුරන් වටින කියමන් නොවැ.

    ReplyDelete

ඔබගේ අදහස් දක්වා


දෙන්න අපිට පොඩි සහයෝගයක්.....


ස්තුතියි !