ඇය මට පලමුව හමුවුයේ පිරිත් ගෙදරකිනි.මිතුරියකගේ ගෙදරට පැමිණ ගෙදර ඇත්තන්ට වඩා මහන්සි වී එහා මෙහා දුව පනින ඒ කඩිසර කෙල්ල දැන හදුන ගන්න සැමකෙනෙකුට පාහේ ඕනා වුණි.සියලු දෙනාම වර්ණනා කලේද ඇය ගැනය.නමුත් කලයුතු වැඩ රාජකාරි අස්සේ ඉසඹුවක් නොලද මාහට ඇය හමුවුයේ මධ්‍යම රාත්‍රියත් පසු වී පිරිත් අසන්නන් නින්දෙන් පිරිත් අසන හෝරාවේදීය.ටිකෙන් ටික කාලය ගතවීමත් සමග කුලුපග වූ අප අතර සියුම් මිත්‍රත්වයක්ද ඇති විය.
නැවත ඇය මට හමුවුයේ ගුවන් තොටුපලේදීය.ඒ ඇය මේ රට (ආසියාවේ ආශ්චර්ය ) අත හැර යන විටදීය. ඇ මා හමු වූ අවස්තාවේ අසල සිටි පිරිස පිලිකුල් කල ආකාරයත් ,මගහැර ගිය ආකාරය දුටුවත් ඒ පිලිබද නොවිමුසුවේ අවාස්ථානෝචිත නොවු නිසාය.
පසුදින ආරංචි වු පරිදි ඇයත් අර ප්‍රසිද්ධ කල පිංතුර අතර සිටි තවත් එක් "පට්ට වේසි*කි".
සත්‍ය සිදුවීම් ඇසුරින් කල ප්‍රබන්ධයකි
No comments:
Post a Comment
ඔබගේ අදහස් දක්වා
දෙන්න අපිට පොඩි සහයෝගයක්.....
ස්තුතියි !