Sunday, December 5, 2010

සුද්දාගේ කතාව - 1 කොටස

එකදහහ් පන්සිය පහේදී සුද්දෝ ලංකාවට ආවෝය.ආ සුද්දෝත් විවිධාකාරය.පෘතුගීසි,ලන්දේසි,ඉංගිසි ආදී නම් වලින් උන් හැදින්විය.එකදහස් හත්සිය අනූ හයේදී කපටි කැතම සුද්දෝ ලංකාවට ආවෝය.උන් ආවේ බයිබලය එක අතකින්ද කඩුව අනිත් අතින්ද විකොටොරියා ඔලුව උඩ තබාගෙනය.මුලින්ම බාගෙට කොන්ද කැඩිච්ච සිංහලයාට බයිබලය දෙන්නේය.බයිබලය නොගන්නා වුන්ට කඩුවෙන් දෙන්නේය.



මේ අතර කලු සිංහලයෝ කැවුම් කකා මැරි මැරි සටන් කලෝය.කෙසේ නමුත් එකදහස් අටසිය පහලොව වෙද්දී "සිංහල දේශප්‍රේමින්ගේ" සහය ඇතුව රට සුද්දා සින්නකර ලියා ගන්නේය.ඉන්පසු සුද්දා රට ඌට ඕන විදියට ගෙන ආවේය.කොන්ද කෙලින් තිබ්බ සිංහලයන් ගම් පිටින් අතුරුදහන් කලෝය.ගම්මාන කැලැ වැදී ගියේය ඒ සමගම සිංහලායාගේ ස්වාධිනත්වය , අව්‍යජත්වය සහ නම්‍යශීලත්වයත් වල් වැදී ගියේය.සුද්දා ඌට ඕන විදියට රට හදන්න පටන් ගත්තේය.

සිංහලායාව අඩපන කලේය.ඔලුවට විස දුන්නේය.වහල් මානසිකත්වය ඇති කලේය.ඇති වෙනකම් වැඩ ගත්තේය.සිංහලයාගේ මහන්සියෙන් ලැබුණු දේ උන්ගේ රටට ගෙන ගියේය.සුද්දාට ලංකාව තුල එංගලන්තයක් තනනට උවමනා වුනි.සිංහලයාගේ , දෙමලාගේ ජාතිකත්වයෙන් වැඩේ සුබ නැකතින් පටන් ගත්තේය.ටික කලකින් කලු සුද්දෝ වහල් සිංහලයන් අතරින් බිහිවන්න විය.සිංහලයා සරමෙන් කලිසමට බැස්සේය.සුද්දාටත් වඩා සුද්දාගේ නීතී වන්දනා කරන්න පටන් ගත්තේය.කොටින්ම සුද්දන්ටත් වඩා හොද සුද්දෙක් විය.සුද්දට තවත් ආතල් විය.කලු සුද්දන් උගේ රටට යැව්වේය.උන්ව තවත් හොද සුද්දෙක් කලේය.ටික කලක් ගත විය කලු සුද්දන්ට සුද්දන් දුන් කටු මදි විය.නැවතත් ලංකාවට ආවෝය.කින්ග් ජොර්ජ්ගෙන් සින්නක්කරයට ගත් රට ඉල්ලුවෝය.සුද්දට යමක් තෙරුණේය.ගත් දේ ආපසු දිය යුත්තේය.එය තබාගෙන නඩත්තු කරනවාට වඩා ප්‍රොෆිටබල්ය.අනික චීරාත් කාලයක් කලු සුද්දන් මාර්ගයෙන් රට නැටවිය හැකිය.



No comments:

Post a Comment

ඔබගේ අදහස් දක්වා


දෙන්න අපිට පොඩි සහයෝගයක්.....


ස්තුතියි !