මේ දවස්වල ලෝක ව්‍යාප්ත ජාලය එහෙම නැත්නම් WWWසදහා එච්චර හොද කාලයක් නෙමේ.මුලු ලෝකෙම පොලිස්කාරයා විදියට ඉන්න ඇමෙරිකාවේ පටි දරුණු විදියට ඇඹෙරෙන්න පටන් අරන්.මේකට හේතුව වුනේ wikileaks නැමැති වෙබ් අඩවියක් මගින් ඔවුන්ගේ තානාපති කාර්ය්යාල අතර හුවමාරු වෙච්ච රහස් පනිවුඩ වගේම ලොව පුර ගෙන යන යුද්ධවල නිරතවෙලා ඉන්න සොල්දාදූවන්ගෙන් ඔවුන්ගේ සගවපු රහස් හෙලි කිරිමට පටන් ගැනීමයි.ඉතින් ඇමෙරිකාව කලේ මෙම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස හැදින්වීමය.මේ සමග wikileaks අඩවියට සේවය සැපයු ආයතනත් ඇමෙරිකානු බලපැම මත තම සේවාවන් ඉවත් කරගත්තා.
මේ වගේ සිදුවිම් අද ලොව පුරා සිදුවෙනවා.සමහර විට ලොව පුරා රජ්‍යයන් හා වෙනත් ආයතනය සෘජුව හා වක්‍රව මෙවැනි ක්රීයා සදහා දායක වෙනවා.මුලිකවම මෙවැනි දේවල් ආරම්භ වන්නේ සංස්කෘතික සහ ආගමික යන අර්ථකතනයන්ගෙන් වුවත් පසුව මෙම වාරණයන් පොදු අදහස් දැක්වීම් වාරණය කිරීම දක්වා ව්‍යාප්තවීමට ඒ ඒ රාජ්‍යන්ගේ අන්තගාමිත්වය අනුව තීරණය වේ.ආගමික කරුණු මූලිකකරගෙන ආරම්භ වූ එක් වාරණයක් ලෙස දැනට ඉරානය විසින් සිදුකරන ලද අන්තර්ජාල වාරණය ගෙන හැර දැක්විය හැක.මීට අමතරව චීනය ඉතාමත් දැඩි වාරණයක් අන්තර්ජාලයට පනවා ඇත.
කෙසේ නමුත් "පිවිතුරු වේතනාවෙන්"යැයි ආරම්භ වෙන මෙවැනි දේ නමුත් මද කලක් යනවිට මූලික චේතනා යටපත් වී බලධාරින්ගේ අභිමතාර්ථ මුදූන් පමුනුවා ගන්නා ආකාරය දැකිය හැක.
දැනට ශ්‍රී ලංකාව තුල අධිකරනයේ නියෝග මත මෙවැනි වාරණයක් ක්‍රියාත්මක වේ ස්වාධින ආයතනයක් වන ගරු අධිකරනය මගින් පොලිසියේ කරුණු දැක්වීම මත පවතින නීතී අනුව මෙම විධාන නිකුත් කර ඇත.
ඊට අමතරව තවද රාජය විරෝධි සහ රජය විසින් අසත්‍යයි ප්‍රතික්ෂේප කරන ප්‍රවෘති ඇතුලත් අඩවි කීපයක් ලංකාව තුල වාරණය කර ඇත.නමුත් විදේශයක් සිට එම අඩවි ඉතාමත් පහසුවෙන් භාවිතා කල හැක.මෙවැනි දෙවල් වලින් බලපොරොත්තු වන්නේ රටේ ජනතාව එවැනි අඩවි භාවිතය වැලක්වීම මිස අන්තර්ජාතික ප්‍රජාව මේවා භාවිතා කිරීම වැලැක්වීම නොවේ.මෙය යම් අකාරයක සැකයකට තුඩු දෙන කාරණාවකි.
![]() |
| by Alex Bainbridge, Socialist Alliance candidate for Perth, has been submitted to Green Left Weekly |
නිදහස් අන්තර්ජාලය යන අදහස පිලිගන්නෙක් වශයෙන් මාගේ අදහස වන්නේ සිමා මායීම් රහිතව සියල්ලන්ටම අන්තර්ජාලය භාවිතා කරන්නට දිය යුතුය යන්නයි.අන්තර්ජාලය යන්න විශ්ව මාධ්‍යක් මිස යමෙකු විසින් පාලනය කල යුත්තක් නොවේ.
ශ්‍රී ලංකාවේ අන්තර්ජාල වාරණයේ දිශාව නුදුරෙකම අපහට තෙරුම් ගත හැක.සමහර විට අප ඒ වන විට පමාවී සිටින්නට බැරි නැත.නමුත් මේ වන විටත් අපිට බලාසිටිනවා මිස වෙන කලහැක්කක් නොමැත.

සත්තයි යාළුවා.ඇමරිකාව වගේ රට වලට මේකට කරන්න පුළුවන් බලපෑම සුළුපටු නොවෙයි.විශ්වීය දෙයක් කිසිවෙකුගේ බලපෑමට යටත් නොවිය යුතුයි.යම් වැරදි දෙයක් මෙහි සිදු වෙනවා නම් එය මුළු මහත් විශ්ව ප්‍රජාවටම නිරාවරණය වනවා.එවිට සාධාරණය ඉටු වීමේ සම්භාවිතාව ගොඩාක් වැඩියි.ඉතින් මෙයට ඉඩ නොදීම සහගහන අපරාධයක් කියලයි මම දකින්නෙ.
ReplyDeleteතරු
ReplyDeleteඔව් අනිවාර්යෙන්ම