Friday, December 3, 2010

Act Aware | ලෝක ඒඩ්ස් දිනය

මේ මාසය පටන් ගත්තේ ඉතාමත් වැදගත් දිනයකිනි.බ්ලොග් අවාකාශයේ මා මීට වඩා මේ සම්බන්ධයෙන් රචිත ලිපි බලාපොරොත්තු වූවත් මා හට මේ ගැන හමු වුයේ ඉතාමත් අඩු ලිපි සංඛයාවකි.බ්ලොග් කරුවන්ට අද පවතින දේශපාලන හා ආගමික වාතාවරණය යටතේ එ වැනි කරුණු ගැන ලිවීම වඩා ප්‍රියජනක වන්නට ඇත.එබැවින් මෙවැනි සුලු කරුණු කතා කිරිම තරම් නොවන්නට ඇත.


"ඒඩ්ස්",මේ වචනයට ලෝකේ විවිධ කොටස් විවිධ ආකාරයට ප්‍රතිචාර දක්වනවා.සමහරක් අය රෝගින් පිලිබද ධානාත්මක් ප්‍රතිචාර දක්වන අතර රෝගින්ට යහපත් ලෙසද සලකුණු ලබනවා.තවත් පසෙක රෝගින් කෙරෙහි දක්වන ආකල්පය ඉතාමත් අන්තයි.එම රෝගින් මිහිපිට අපා ගත ජීවිත ගත කරන්නේ.ඇත්තෙන්ම ශ්‍රී ලංකාවේ පවතින වාතාවරණය අනුව ඒඩ්ස් පිලිබද පවතින දැනුවත් වීම කොපමණක්ද ? ඇත්තෙන්ම මෙය මතභේදයට තුඩු දෙන කරුණක්.



Woman with AIDS is comforted by sister in hospital.

Glendale, Zimbabwe


ඒඩ්ස් රෝගයේ විශේෂ ව්‍යාප්තියක් පෙන්වන්නේ දකුණු අප්‍රිකාව වැනි ඉතාමත් දිලිදු රටවල්  වලයි.මීට ප්‍රධාන හේතුවක් වන්නේ ක්‍රමවත් ලිංගික අධ්‍යාපනයක් තබා සෞඛය පහසුකම් වත් ඒ රටවල් තුල නොමැති වීමයි.එමෙන්ම ඒ රටවල් තුල එම රෝගින් ගත කරන්නේ ඉතාමත් ශෝකජනක ජීවිතයක්.

මේ අතරේ ලෝකයේ සමහර රටවල් එම රෝගින්ට සලකුනුයේ ඉතාමත් සුවිශේෂි පුද්ගලයන් ලෙසයි.ක්‍රමවත් මෙන්ව විධිමත් සෞඛය පහසුකමුත් , සමාජයේ කොන් කිරිමෙන් තොර විමත් ලැබිමට තරම් මොවුන් වාසනාවන්තයන් වී ඇත.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් කෙරෙහි දක්වන ආකල්පය කෙබදුද ?ලාංකිකයන් බහුතරයක් විශේයෙන් ජන සමාජය නියෝජනය කරන ආගමික නායකයන් , දේශපාලකයන් පවසන්නේ ඔවුන් "සංවේදී නායකයන් " එසේ නැත්නම් "සංවේදි පියවරුන්" බවය. ලොව සියලුම දෙවල්වලට සංවේදී වී උගුර රතු වන තෙක් උද්ඝෝෂන කරන මොවුන් එඩ්ස් දිනය අමතක වුවා සේය.කොටින්ම රාජ‍ය නොවන සංවිධානද ගොලු වුණා විය යුතුය.


Sri Lankan prisoners look on as they
carry placards
during a World AIDS Day

දේශපාලකයෝ එකතු වී වවුනියාවේ පැවති  කුඩා උත්සවයට අමතරව මෙවර කල දෙයක් නැත වරක් අඩුම ගානේ මේ සම්බන්ධව විධිමත් හෝ අවිධිමත් ලෙස ක්‍රියා මාර්ගයක් ගනු ලැබුවේ බන්ධනාගර දෙපාර්තමෙන්තුවත් ,සාමාජයෙන් ඇත්කර එසේ නැතිනම් කොන්කර සිටින පුනුරුත්තාපනය වන්නන් පිරිසක් ය(World AIDS Day 2008).එයින් ශ්‍රී ලංකාවේ එඩ්ස් පිලිබද කතිකාවත මොනවට පැහැදිලි වේ.

ඒඩ්ස් රෝගින් පිලිබද වාර්තාවන සංඛ්‍යා ලේඛන අඩු වූ පමණින් ශ්‍රී ලංකාව තුල පවතින "බෞද්ධාගමික හා සංස්කෘතිමය ශක්තිමත්භාවය  " හා සාක්ෂරතාව  පිටුවහලක් වූ බවට පුරසාරම් දෙඩීම නතරකර (මොවුන් කියන ආකාරය සත‍යනම් අබෞද්ධයන් සියලු දෙනාම එඩ්ස් රෝගින් විය යුතුය) ඒ වෙනුවෙන් ශක්තිමත් වැඩ සැලසුමක් ඇති කිරීමේ කාලය දැන් එලඹ ඇත.

ඒඩ්ස් දිනය වෙනුවෙන් බ්ලොග් අවකාශයේ ලියවුණු වෙනත් ලිපි(මට සමුවු )
ලාංකීය සිතුවිලි බ්ලොග් කියවනය තුලින්

AIDS මාරන්තිකයි – මැකුවොත් හිරේ - මැද පිලිවෙත




4 comments:

  1. ඇත්තටම හොඳ බ්ලොග් එකක්.නොදකින පැත්තක් දකින්න පුළුවන් වීම ලොකු සතුටක්.
    එත් පොඩි අඩුවක් තියෙනවා.පුළුවන්නම් අකුරු ලොකු කරන්න.එතකොට කියවන්න ලේසියි

    ReplyDelete
  2. තරු අහස ඔන්න අකුරු ලොකු කලා
    බොහොම ස්තුතියි

    ReplyDelete
  3. "sakhi collaboration" අපි යාලුවෝ කීප දෙනෙකුගේ එකතුවක්. අපි මේ පාර ඒඩ්ස් දිනය වෙනුවෙන් සුලුවට සම්මදම් උනා. ඒ ගැන විස්තර වගේම ඡායාරූප

    http://www.facebook.com/#!/album.php?id=100000262343144&aid=40711

    මේ බ්ලොග් එක ගැන පොඩි අදහසක්...
    openID නැත්නම් ගූගල් එකවුන්ට් එකෙන් ඇර වෙන කමෙන්ට් කරන්න බෑ. ඇනොනිමස් කමෙන්ට් දාන පුලුවන් කලොත් හොඳයි. ඕනනම් කමෙන්ට්ස් මොඩරේට් කරන්න පුලුවන්නේ.

    ReplyDelete
  4. thoughtsofsayuru
    අහ් හරි මම ඒක හැදුවා

    බොහොම ස්තුතියි sakhi collaboration ගැන කිව්වාට

    ReplyDelete

ඔබගේ අදහස් දක්වා


දෙන්න අපිට පොඩි සහයෝගයක්.....


ස්තුතියි !